Saturday, December 31, 2011

''නව වසරට ආරාදනා....''

අහස් ගැබ පිපි
               නෙක තරු දෙස...........
හොර හොරෙන් නෙතගින් බලා
වලා අතරින් රහසෙ එබි එබි
සුසුදු සදමල හිනැහුනා........
සිනිදු සුදු මුදු සිහිල් පවනැල්
     හෙමි හෙමින් මුනු මුනු ගගා....
සුදො සුදුවට පිපි දිදුලන
        කඩුපුල් වෙත ලන්වුන.....
මටත් රහසෙම මෙ සොදුරු රැය
          වසරක අරබුම සනිටුහන් කලා....
මහද පිරවු නෙක සිතුවිලි
          කෙම කෙමෙන් ගි පද වුනා........
සුබ සිහින පිරි පැතුම් ඉටුවන
          වසරකට සුබ පැතුම් ගෙනා........

3 comments:

  1. පතමි සුබ නව වසරක්

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා !
    අදයි මේ පැත්තට අවේ !
    පුළුවන් වෙලාවට එන්නම්කෝ !:))

    ReplyDelete